කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් සහ ඔහුගේ බිරිඳ හේලි බීබර් මව්පියන් වීමට සිටින පුවතක් වාර්තා වෙනවා.
Instagram හි ඡායාරූප පෙළක් පළ කරමින් හේලි බීබර් ඇයගේ ගැබ් ගැනීම ප්‍රසිද්ධ කර තිබෙනවා.
මේ වන විට ඇය මාස හයක ගැබක් දරා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ජස්ටින් සහ හේලි විවාහ වූයේ, 2018 වසරේදී දකුණු කැලිෆෝනියාවේදීයි.
පහත දැක්වෙන්නේ ඇය එලෙස පළ කරන ලද ඡායරූප පෙළයි.





