රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ චීනයට පැමිණ තිබෙනවා.
එහි දී චීන ජනපති විසින් ඔහුව පූර්ණ හමුදා සංදර්ශන සහිතව රතු පලස මතින් පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුක්රේනය, තායිවානය සහ මැදපෙරදිග ගැටුම් පිළිබඳව මෙන්ම බලශක්ති, වෙළඳාම, ආරක්ෂාව සහ භූ දේශපාලනය සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත බවයි ජනාධිපතිවරුන් දෙදෙනා විසින් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වෙන්නේ.
පසුගිය සතියේ රුසියාවේ ජනාධිපති ලෙස නව ධූර කාලයක් ආරම්භ කිරීමෙන් පසු පුටින්ගේ සංකේතාත්මක පළමු විදේශ සංචාරය මෙය වනවා.

