ශ්‍රී වොලිබෝල් කණ්ඩායම ප්‍රථම වරට ඉරානය පරදයි

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම වරට ඉරාන කණ්ඩායම ඊයේ (15) පරාජයට පත් කරනු ලැබුවා.

ඒ වට 3 ට 0ක් ලෙසයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථාන කණ්ඩායමටද පරාජයට පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරග දෙක අනපේක්ෂිත ලෙස පරාජයට පත් වු අතර ඉන් අනතුරුවයි මෙම ජයග්‍රහණ වාර්තා කර ඇත්තේ.