අධිරුධිර පීඩන සහිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

මෙරටින් වාර්තා වන අධිරුධිර පීඩන සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරිල් බාලසිංහ මහත්මිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ දිවයිනේ, සෑම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වයස අවුරුදු 18ත් 69ත් අතර පුද්ගලයින්ගෙන් සිදුකළ සමීක්ෂණයකදී අධිරුධිර පීඩකයින් සියයට 35ක් වාර්තා වු බවය.