හිරු නැගීම – 05:52
හිරු මුදුන් වීම – 12:05
හිරු බැසීම – 18:18
අද මැයි 14 වෙනිදා, අඟහරුවාදා. ඒ කියන්නේ මේ මාසේ දෙවෙනි අඟහරුවාදා. තවත් මේ වගේ අඟහරුවාදා දවස් දෙකකින් මේ මාසෙත් ඉවර වෙනවා.
මැයි 14 වෙනිදා දවසේ විශේෂත්වය ගත්තොත් අද online romance day එක. හිකිස්.. දවස් 365න් 364ක්ම වගේ අපි ෆෝන් එකෙන් මල් කඩන වැඩේ කරනවා නේ. ඉතින් මේක නම් අලුත් දෙයක් නෙමෙයි
Long Distance Relationship තියෙන අයට නම් එයාලගේ ආදර කතාවේ වැඩිහරියක් මතක තියෙන්නේ online. දැන් තාක්ෂණය එක්ක online මල් කඩන එකත් සෑහෙන්න අලුත් වෙලා තියෙනවා. ඒ අයටම වෙන් වුණු websites එහෙමත් දැන් තියෙනවා.
ඔයාලා බැඳලා එක ගෙදර ඉන්නවා වුණත් ඔයාට පුළුවන් online romance කරන්න අනිවාර්යයෙන්. හැමදාම යවන අල කිලෝ එකයි, ලූනු පන්සියයයි මැසේජ් එක නැතුව පොඩ්ඩක් ආදරේ හිතෙන සරාගී මැසේජ් එකක් දාලා බලන්න.
ආදරේ වුණත් හැමදාම එකම විදිහට කරනකොට අල වෙන්න පුළුවන් නේ, ඒ නිසා අලුත් අලුත් ක්රම භාවිතා කරලා ඔයාලට පුලුවන් ඔයාලගේ ආදරේ අලුත් කර ගන්න..
Online මල් කඩන්න නැතුවම බැරි දෙයක් තමයි whastapp, Facebook. ඉතින් Facebook එකේ නිර්මාතෘ Mark Zuckerberg මහත්තයාගේ උපන්දිනයත් අදට යෙදිලා තියෙනවා. එයා ඉපදිලා තියෙන්නේ 1984 අවුරුද්දේ. එතකොට එයාට මේ අවුරුද්දට වයස කීයද? ගණන් කරලම බලන්නකෝ…
එයා අවුරුදු 23ක් වගේ පොඩි වයසකදී බිලියනපතියෙක් වෙනවා. අදටත් ලෝකේ බිලියනපතියෙක් අතර ඉස්සරහින්ම ඉන්න කෙනෙක් මෙයා.
එහෙනම් ඔන්න අද දවස ආදරණීය සරාගී විදිහට ඔයාලගේ ආදරේ එක්ක ගත කරන්න… හිකිස්… අපි වගේ තනිකඩ අයටත් ඉක්මනට ලව් එකක් සෙට් වේවා කියලා ප්රාර්ථනා කරන්න ඔන්න.
ජය වේවා ! තෙරුවන් සරණයි!

