දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම නිවේදනයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ ප්‍රදේශවලටත් මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුනුවර ප්‍රදේශවලටත් කහ වර්ණයෙන් යුතු නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයේ මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ මාවනැල්ල, දෙහිඕවිට, ගලිගමුව, වරකාපොල සහ කෑගල්ල ප්‍රදේශවලටය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවත්ගම ප්‍රදේශයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, රත්නපුර සහ බළන්ගොඩ ප්‍රදේශ සඳහා ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.