අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් 450,404ක්

අස්වැසුම දෙවන අදියරට අදාළව මේ වනවිටත් අයදුම්පත් 450,404ක් ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ ඉන් 84%ක්ම මේ වනවිට අදාළ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.

එමෙන්ම, අලුතින් බඳවාගත් ග්‍රාම නිලධාරීන් 2,000කට ආසන්න පිරිස අස්වැසුම ලබාදීමේ කටයුතු සඳහා දායක කරගන්නා බවද ඔහු සඳහන් කළා.

අස්වැසුම සංගණන කටයුතු සඳහා දායක වන වෙනත් පාර්ශවයන් සඳහා දීමනා ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවද කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට යොමුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.