අඩු අදායම්ලාභී පවුල් ලක්ෂ 34 කට දිවයින පුරා සහල් ලබා දීමේ දෙවන අදියර මේ මස අගදී ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නොමිලේ සහල් කිලෝ 10 බැගින් ලබාදීමට නියමිතයි.
නොමිලේ සහල් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර පසුගිය මාසයේදී ක්‍රියාත්මක කෙරුණා.

