මේ වසරේ තවත් විදෙස් රැකියා 30,000ක්

ඊශ්‍රායලයේ සහ දකුණු කොරියාවේ තවත් රැකියා අවස්ථා 30,000ක් පමණ මේ වසර තුළ ලැබීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කාර්යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඇතැම් රැකියා අවස්ථා පිළිගත් බලපත්‍ර ලාභී නියෝජිත ආයතන වෙත ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.

මීට අමතරව සයිප්‍රස් ඇතුලු මැදපෙරදිග රටවල නව රැකියා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ඉදිරි මාස 2ක තුළ ආරම්භ කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.