AstraZeneca එන්නත විකිණීම තහනම් කරයි

කොරෝනා වෛරසයට එරෙහිව නිපද වූ Oxford-AstraZeneca Covid එන්නත ආපසු ගෙන්වා ගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ සීරම් සමාගම සමග එක්ව මෙම එන්නත නිකුත් කෙරුණේ කොවිෂීල්ඩ් නමින්.

ඒ අනුව අදාළ සමාගම විසින් මෙම එන්නත අලෙවි කිරීම තහනම් කරමින් එම අවසරය නැති කර තිබෙනවා.

කෙසේ වෙතත් එය ලබා ගත් ඇතැම් පුද්ගලයන් අතුරු ආබාධ වලට සහ රුධිරය කැටිගැසීමේ තත්ත්වයන්ට මුහුණ දුන් බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ගේ වාර්තා අනුව බ්‍රිතාන්‍ය අධිකරණයක් හමුවේද පසුගියදා අනාවරණය වුණා.

Thrombosis with Thrombocytopenia Syndrome රෝගය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මෙම එන්නතින් පසුව අවම වශයෙන් මරණ 81 ක් සිදුව ඇති බවට වාර්තා වෙනවා.

කෙසේ වෙතත් වාණිජ හේතුන් මත ඇස්ට්‍රාසෙනිකා එන්නත් යළි කැඳවන බවත්, යළිත් මෙම එන්නත නිෂ්පාදනය නොකරන බවත් එම සමාගම සඳහන් කර තිබෙනවා.