ඩයනාගේ මන්ත්‍රී ධූරය මුජිබර්ට

ඩයනා ගමගේ දැරූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු ධුරයට මුජිබර් රහුමාන්පත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබෙනවා.

ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමගයි.

මුජිබර් රහුමාන් පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟවැදීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර තිබුණා.