හිරු නැගීම – 05 : 53
හිරු මුදුන් වීම – 12 : 05
හිරු බැසීම – 18 : 17
අද මැයි මාසේ හත්වෙනිදා, අඟහරුවාදා.
මේ අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳන් හැමදාම අහන්න ලැබෙන නිව්ස් එකක් තමයි අවධානය යොමු කළ උෂ්ණත්වයක් කියන එක. ඉතින් අද දවසෙත් ඔන්න මුළු ලංකාවටම වගේ අවධානය යොමු කළ යුතු උෂ්ණත්වයක් තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරලා තියෙනවා.
අධික උෂ්ණත්වය එක්ක ඔයාල අනිවාර්යයෙන් කරන්න ඕනි දෙයක් තමයි හොඳට වතුර බොන එක. ශරීරයෙන් දහදිය විදිහට විශාල ප්‍රමාණයක් ජලය පිටවෙලා යන නිසා, අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කළේ නැත්නම් විජලන තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දිගු කාලීනව එහෙම ජලය අඩුවෙන් පානය කලොත් වකුගඩු රෝගී තත්ත්ව පවා ඇති වෙන්න පුළුවන්.
ඒ නිසා මතක් කරලා ලිටරේ වතුර බෝතල් දෙක හමාරක් වත් බොන්න. බොන වතුර ප්‍රමාණය බර සහ ඔයා කරන වැඩ අනුව වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා AC තියෙන තැනක නම් වැඩ කරන්නේ ඔයාට බොන්න ඕනේ වෙන වතුර ප්‍රමාණය එළියේ වැඩ කරන කෙනෙක්ට සාපේක්ෂව අඩුයි. කොහොම වුණත් AC එකේ ඉන්නේ කියලා වතුර නොබී නම් ඉන්න එපා, AC එක නිසාත් අපේ සම වේලෙන්න ගන්නවා.
ගොඩක් අය කරන දෙයක් තමයි වතුර තිබහ හැදෙනකම්ම ඉඳලා වතුර බොන එක. එහෙම කරන්න එපා. සාමාන්‍යයෙන් පැයකට හෝ පැය බාගයකට සැරයක් වතුර උගුරක් හරි බොන්න මතක් කරලා.
අද දවසේ විශේෂත්වය ගැන කතා කළොත් අද world asthma day එක. asthma එහෙම නැත්නම් ඇදුම රෝගය වර්තමාන සමාජයේ ටිකක් බහුල රෝගයක් වෙලා තියෙනවා. මේ ලඟදි වෛද්‍යවරුන් සඳහන් කරලත් තිබුණා ශ්‍රී ලංකාව ලෝකයේ ඇදුම රෝගීන් බහුතරයක් ඉන්න රටවල් ලැයිස්තුවෙත් ඉන්නවා කියලා.
පොඩි දරුවන්ගේ ඉඳන් වයසක අය දක්වාම මේ රෝගයේ ගොදුරු වෙලා ඉන්නවා. ඇදුම කියන්නේ ශ්වසන පද්ධතිය ආශ්රිත බෝ නොවන රෝගයක්. මේකේ දී වෙන්න අපේ ශ්වාස නාලිකා හිනි වීම නිසා හුස්ම ගැනීමට අපහසු වෙන එක. allergies නිසා, පරම්පරාවෙන්, අධික තරබාරුකම නිසා, දුම් වලට විශාල වශයෙන් නිවාරණය වීම නිසා මේ රෝගය ඇති වෙන්න පුළුවන්.

මානසික ආතතිය, allergy, සීතල වාතය වගේ දේවල් නිසා මේ ඇදුම රෝගය වැඩි වෙන්නත් පුළුවන්.
මේකට නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් හොයා ගෙන නැහැ. ඉතින් ඇදුම රෝගය වැඩි කරන දේවල් වලින් ඈත් වෙලා ඉන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ වෙන්නේ.
එහෙනම් අද දවස සතුටින් ගත කරන්න. හොඳට වතුර බොන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!


