හෙට සිට ගෑස් මිල පහළට

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ අදාළ මිල ගණන් හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

ඒ අනුව එලෙස අඩුවන මිල ගණන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.