කාම්බෝජයේ නොම් පෙන් අගනුවරට බටහිරින් පිහිටි Kampong Speu පළාතේ හමුදා කඳවුරක සිදු වූ පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
කාම්බෝජයේ අගමැති Hun Manet මිය ගිය අයගේ පවුලේ අයට ශෝක ප්රකාශ කරමින් මේ බව දැනුම් දෙනු ලැබුවා.
හමුදා කඳවුරේ තිබූ ආයුධ පිරවූ ට්රක් රථයක් සහ තවත් ගොඩනැගිලි හතරක් පිපිරිම හේතුවෙන් විනාශ වී ඇති බවයි හමුදාව සඳහන් කරන්නේ.

