ඩොලරයට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වෙයි

මෙම වසරේ අප්‍රේල් 26 දක්වා වූ කාලය තුළ රුපියල, ඩොලරයට සාපේක්ෂව 9% කින් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.

එමෙන්ම අනෙකුත් විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 20 කින්ද, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 11 කින්ද අතිප්‍රමාණ වී තිබෙනවා.

යුරෝවලට සාපේක්ෂව සියයට 12.6 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 9.2 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.