ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ ලංකාවට ලෝකඩ පදක්කමක්

ඩුබායි හි පැවැත්වෙන 21 වැනි ආසියානු අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 4 x 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වන්නේ ජත්‍යා කිරුලු, ජිත්මා විජේතුංග, තේමිය රාජපක්ෂ සහ නුහංසා කොඩිතුවක්කු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්.

මේ අතර එම ඉසව්වේ රන් පදක්කම චීන කණ්ඩායම විසින් දිනා ගත් අතර රිදී පදක්කම ඉන්දීය කණ්ඩායම විසින් දිනා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දැක් වූ මෙම දස්කම ශ්‍රී ලංකා වාර්තාවක් ද වනවා.