චීනයේ Apple app store වෙතින් WhatsApp ඉවතට

ජාතික ආරක්‍ෂාව පිළිබඳ කරුණු සඳහන් කරමින් චීන රජයේ නියෝගයකට අනුව Apple සමාගම විසින් WhatsApp සහ Threads චීනයේ Apple app store වෙතින් ඉවත් කර තිබෙනවා.

Apple සමාගමේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ මෙලෙස Apps දෙකක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් එකඟ නොවුනත් චීන රජයේ ඉල්ලීම නොසලකා හැරිය නොහැකි වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

මෙම යෙදුම් දෙකම Meta සමාගම හිමිකාරිත්වය දරන යෙදුම් දෙකක් වීම විශේෂත්වයක්.

WhatsApp සහ Threads යන යෙදුම් දෙක මින් පෙර සිටම චීන රජය විසින් අවහිර කර ඇති නමුත් VPN හරහා ඊට පිවිසිය හැකි වනවා.

කෙසේවෙතත් X (කලින් Twitter), Facebook, Instagram සහ Messenger ඇතුළු අනෙකුත් ජනප්‍රිය බටහිර සමාජ මාධ්‍ය යෙදුම් තවමත් චීනයේ Apple app store හි පවතින බවයි වාර්තා වෙන්නේ.