ඇමරිකානු වෙළෙඳුන් සහ ජාවාරම්කරුවන්ගේ ජාලයන් විසින් නීති විරෝධී ලෙස ලබාගෙන වෙළඳාම් කරන ලද පුරාවස්තු 30ක් පමණ කාම්බෝජයට සහ ඉන්දුනීසියාවට යළි භාර දීමට ඇමරිකානු අධිකරණය තීරණය කර තිබෙනවා.
මෙම කෞතුක භාණ්ඩවල මුළු වටිනාකම ඩොලර් මිලියන 3 ක් ලෙස දැක්වෙන බවයි වාර්තා වෙන්නේ.
ආපසු ලබා දුන් භාණ්ඩ අතර කාම්බෝජයෙන් ලබාගත් හින්දු දෙවියෙක් වන ශිව දෙවියන්ගේ ලෝකඩ ප්‍රතිමාවක් සහ මජාපහිට් අධිරාජ්‍යයේ රාජකීය රූප දෙකක් නිරූපනය කරන ලද පාෂාණමය ආධාරකයක් වනවා.
මේවා නීතිවිරෝධී පුරාවස්තු ජාවාරමට සම්බන්ධ ඉන්දියානු-ඇමරිකානු චිත්‍ර අලෙවිකරුවෙකු වන සුභාෂ් කපූර් සහ ඇමරිකානු නැන්සි වීනර් විසින් සොරකම් කරන ලද පුරාවස්තු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මේ වන විට ඔවුන් දෙදෙනා එම චෝදනා වලට වැරදිකරුවන්ව සිරගතව දඬුවම් ලබනවා.


