2024 – 04 – 24

හිරු නැගීම – 05 : 57

හිරු මුදුන් වීම – 12 : 07

හිරු බැසීම – 18 : 17

අද අප්‍රේල් මාසේ 24 වැනිදා බදාදා, ඊයේ පෝය නිවාඩුවෙන් පස්සේ අද නං හැමෝම එයාලගේ වැඩ රාජකාරී, ඉස්කෝල වලට පිටත් වෙන දවස අද.

ඉතින් අද පෝයට පස්සේ දවස, ඒ කියන්නේ අද සලොස්වක දවස. ඔන්න ඔයාලා අද හඳ බැලුවොත් ඊයේට වැඩිය හඳ ලොකුවට බලා ගන්න පුළුවන්. අදින් පස්සේ හඳේ අව පක්ෂය ආරම්භ වෙනවා, ඒ කියන්නේ හඳ ආයෙමත් එළිය අඩු වෙනවා.

ජීවිතේ ගැන තේරුම් ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි හඳ කියන්නේ. අපේ ජීවිතත් හඳ වගේ. සමහර දවසට හරිම එළියයි, සතුටුයි. සමහර දවසට අමාවක වගේ, අඳුරුයි, දුකයි. හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ ඉතින්.

අපි හඳට කොච්චර ආස වුණත් හැමදාම පුර හඳ තියෙනවා නම් අපි ඒක බලන්න එච්චර උනන්දු වෙන එකක් නෑ. පුර හඳ එන්නේ මාසෙකට සැරයක් නිසා තමයි හඳ බලන්න අපි මෙච්චර උනන්දු.

අද අප්‍රේල් මාසේ 24 වෙනිදා තියන විශේෂත්වය තමයි අද පරීක්ෂණාගාර එහෙමත් නැත්නම් Labs වල ඉන්න සතුන් වෙනුවෙන් වෙන් කළ දවස.

මිනිස්සු වෙනුවෙන් එන ගොඩක් නිෂ්පාන ඉස්සෙල්ලාම සතුන්ට test කරලා බලලා තමයි එයාලා වෙළඳපොලට නිකුත් කරන්නේ. මියෝ, හාවෝ වගේ සත්තු තමයි මේ විදිහට ටෙස්ට් කරන්න ගොඩක්ම භාවිතා වෙන්නේ. (lab rats)

ඉතින් මිනිසුන්ට allergy ඇතිවෙනවද වගේ දේවල් මේ සත්තු යොදා ගනිමින් පරීක්ෂා කරනවා. ඉතිං මේ නිසා මේ සත්තුන්ට බොහෝ වේදනාවක් වගේම මරණය පවා අත්වන අවස්ථාද තියෙනවා.

ඒ වගේම ඔයාලා අහලා ඇති ඔය එක එක පරීක්ෂණ සිදු කරනකොටත් මීයන් යොදා සිදු කරන ලද පරීක්ෂණවලදී මේවා මෙහෙම තහවුරු වෙලා තියෙනවා කියලා ඒ පරීක්ෂණ වර්තාවල සඳහන් වෙලා.

ඉතින් මේ තියෙන්නේ එහෙම සතුන් යොදාගෙන එයාලගේ නිෂ්පාදන test කරන්න නැති ආයතන භාවිතා කරන සංකේතයක්. ඉතිං ඔයාලට පුළුවන් මේ සත්ව හිංසනය පිටු දැකීමට උදව්වක් විදිහට මේ සංකේතය තියෙන භාණ්ඩ වැඩිපුර මිලදී ගන්න සහ මේ සංකේතය නැති ඒවා පුළුවන් තරම් අවම කරන්න.

ඒ වගේම අද Denim Day එකත් වෙනවා. Denim කියන්නේ දැන් නම් ගැහැණු පිරිම් සහ වයස් භේදයකින් තොරවම ජනප්‍රිය විලාසිතාවක්.

එහෙනම් අද දවසේ සතුටින් ගත කරන්න. මේ සතියෙත් හොඳට ප්ලෑන් කරල ඔයාගේ වැඩ කටයුතු ඔක්කොම කරගන්න.

ජයවේවා තෙරුවන් සරණයි!