ඉන්ධන මගින් රජය අධික ලාභ ලබන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනාවරණය කරනවා .
ඩීසල් මිල කර්මාන්ත කෙරෙහි අහිතකරව බලපාන අතර එය ආර්ථිකය බිඳ වැටීමට ද හේතුවක් බව කී මන්ත්‍රීවරයා අවම වශයෙන් ඩීසල් මිල හෝ අඩු කළ යුතු බවයි පෙන්වා දෙන්නේ.
විදුලිය හා ඛනිජ තෙල් ක්ෂේත්‍ර ලාභ ලබන නිසා එහි ප්රතිලාභ ව්‍යවසාය වෙත ලබාදීම සුදුසු බව ද රණවක මහතා පවසනවා.
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයක වී අදහස් දක්වමිනුයි හෙතෙම මේවා සඳහන් කර සිටියේ.
මේ අතර කර්මාන්ත ක්ෂේත්රයේ විදුලි භාවිතය සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹිය යුතු බව ද රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගත යුතු බැවින් අධික විදුලි බිල ඊට බාධා මතු කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

