WhatsApp හඳුන්වා දුන් අලුත්ම විශේෂාංගය – chat filters

Meta හිමිකාරිත්වය දරන පණිවිඩ යැවීමේ යෙදවුමක් වන WhatsApp විසින් නවතම විශේෂාංගයක් පසුගිය දා හඳුන්වා දෙනු ලැබුවා.

ඒ WhatsApp chat list එක විවිධ ආකාරයෙන් බෙදා බලා ගත හැකි වන chat filters නම් අංගයයි.

All, Unread, Groups වශයෙන් තමන්ගේ chats බෙදා වෙන වෙනම ඉතා පැහැදිලි ලෙස වෙන්ක කර ගත හැකි වීම මේ හරහා සිදු කෙරෙනු ලබනවා.

ඒ එක් එක් නිර්ණායකය select කළ පසු ඊට අදාළ chats පමණක් ඔබට පහසුවෙන් සොයා ගත හැකි වනවා.

ඉදිරියේ දී ලොව පුරා සිටින සියලු WhatsApp පරිශීලකයන්ට මෙම පහසුකම ලබා ගත හැකි වන බවයි WhatsApp සඳහන් කරන්නේ.