අවුන් සාන් සුකී ව බන්ධනාගාරයෙන් පිටතට ගෙන යයි

අධික උෂ්ණත්වය හේතුවෙන් ඇති විය හැකි අයහපත් සෞඛ්‍ය තත්ත්ව වලක්වා ගැනීම සඳහා මියන්මාරයේ සිරගත කර සිටින හිටපු නායිකා, අවුන් සාන් සුකීව අනෙකුත් වයෝවෘද්ධ රැඳවියන් සමඟ බන්ධනාගාරයෙන් පිටතට ගෙන ගොස් තිබෙනවා.

මියන්මාර හමුදා සඳහන් කරන්නේ ඇයව මේ වන විට නිවාස අඩස්සියේ තබා ඇති බවයි.

78 හැවිරිදි ඇය Naypyitaw අගනුවර බන්ධනාගාරයක වසර 27ක සිර දඬුවමක් විඳිමින් සිටිනවා.

මෙලෙස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය සිරකරුවන් අතර 72 හැවිරිදි හිටපු ජනාධිපති Win Myint ද සිටින බවයි වාර්තා වෙන්නේ.