මේ අවුරුද්දේ රතිඤ්ඤා වලට වුණු දේ

පසුගිය වසරට සාපේක්ෂ ව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය 90% කින් පමණ ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා පවසනවා.

කෙසේවෙතත් මේ වසරේ අහස්කූරු, නිලාකුරු, බඹර චක්‍ර ආදී නිෂ්පාදනයේ අඩුවක් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.