මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් ගැන දැනුම් දෙන්න අංකයක්

මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන සඳහන් කළේ උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියැදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

මෙම ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන පැමිණිලි සඳහා කඩිනමින් ක්‍රියාත්මක වීමට නිලධාරීන් යොදවා ඇති බවද ඇය සඳහන් කළා.

මේ අතර, අපරභාග 2.41 ට පුණ්‍ය කාලය උදාවීමත් සමඟ කෙටි ගමන් සේවා බස් රථ ධාවනය නතර කරන බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔහු සඳහන් කළේ යළි කෙටි ගමන් සේවා බස් රථ ධාවනය හෙට (14) උදෑසන සිට ආරම්භ කරන බවයි.