K-Pop ගායිකාවක අභිරහස් ලෙස මිය යයි

සුරූපී ප්‍රසිද්ධ K-Pop ගායිකා පාර්ක් බෝරම් (Park Bo Ram) අබිරහස් ලෙස මිය ගොස් තිබෙනවා.

30 හැවිරිදි පාර්ක් බෝරම් මිය යාමට පැය කිහිපයකට පෙර ඊයේ (11) සවස සිය මිතුරන් දෙදෙනෙකු සමග පෞද්ගලික සාදයකට සහභාගි වීමෙන් අනතුර ඇය මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් ඇයගේ මරණයට නිශ්චිත හේතුවක් තවමත් හෙළි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඇයගේ නියෝජිතායතනය වන XANADU එන්ටර්ටේන්මන්ට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ඇයගේ හදිසි වියෝව ලොව වටා ඇයගේ රසික රසිකාවියන් මහත් දුකට සහ කම්පාවට පත් කර ඇති බවය.

2010 වසරේ දී දකුණු කොරියාවේ පැවත්වූ සුපර් ස්ටාර් K2 තරගයට සහභාගි වූ පාර්ක් බෝරම් සිය දක්ෂතාවයන්ගෙන් ප්‍රේක්ෂකයින් විශ්මයට පත් කළාය.

පසුව ඇය 2014 වසරේ දී  “Beautiful” නම් ගීතය එළිදක්වමින් පොප් සංගීත ක්ෂේත්‍රයට ඇතුළු වුණි.

එතැන් සිට අද දක්වා පැමිණි සංගීත ජීවිතය තුළ බෝරම් සම්මාන කිහිපක් දිනා ගැනීමට සමත්වූවා පමණක් නොව, ඇය නව ගීතයක් ද එළිදැක්වීමට සුදානමින් සිටියාය.

ඒ ඇගේ සංගීත ජීවිතයේ 10 වන සංවත්සරය වෙනුවෙන් වීම ද විශේෂත්වයකි.