බයිඩන් පිලිපීනය ආරක්ෂා කරන්න ප්‍රතිඥා දෙයි

දකුණු චීන මුහුදේ ඕනෑම ප්‍රහාරයකින් පිලිපීනය ආරක්ෂා කිරීමට ඇමරිකාව කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රතිඥා දී තිබෙනවා.

චීන සහ පිලිපීන වෙරළාරක්ෂක යාත්‍රා අතර ගැටම් උත්සන්න වෙමින් පවතින පසුබිමකයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

එක්සත් ජනපදය සහ පිලිපීනය 1951 වසරේ සිට ක්‍රියාත්මක අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් ද පවතිනවා.

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් සමඟ ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී බයිඩන් මේ බව පවසා තිබෙනවා.