හමාස් නායකගේ පුතුන් තිදෙනෙක් ඊශ්‍රායල ප්‍රහාර වලින් මරුට

හමාස් නායක ඉස්මයිල් හනියේ (Ismail Haniyeh) ගේ පුතුන් තිදෙනෙක් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

කටාර් හි ජීවත්වන හමාස් නායකයා අල්ජසීරා පුවත් සේවයට පවසා ඇත්තේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් සිය මුණුපුරන් කිහිපදෙනෙක් ද මියගොස් ඇති බවය.

ඔහු චෝදනා කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් යුතුව ඊශ්‍රායල හමුදා විසින් ඔවුන් ඝාතනය කර ඇති බවයි.

ජෙරුසලම සහ අල්-අක්සා මුස්ලිම් පල්ලිය මුදාගැනීමේ මෙහෙයුමේ දී ඉස්මයිල් හනියේ ගේ පුතුන් ජිවිතක්ෂයට වී තිබෙනවා.