එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් පළමු ස්ථාන දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ත්‍යාග මුදල් පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබේ.
ඒ අනුව ඔලිම්පික් තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග මුදල් පිරිනමන පළමු ක්‍රීඩා සම්මේලනය බවට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය පත්වනු ඇත.
ප්‍රංශයේ පැරිස් නගරයේදී පැවැත්වීමට නියමිත 2024 ඔලිම්පික් උලෙළේ සිට එය ක්‍රියාත්මක වන බවයි සඳහන් වෙන්නේ.
රන් පදක්කම්ලාභියෙකුට අමෙරිකානු ඩොලර් 50,000ක මුදල් ත්‍යාගයක් හිමිවෙයි.
රිදී සහ ලෝකඩ පදක්කම්ලාභීන්ට ද 2028 වසරේ සිට මුදල් ත්‍යාග ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන් ය.

