මියන්මාරයේ අගනුවර වන Nay Pyi Taw වෙත ඩ්‍රෝන යාන විශාල ප්‍රමාණයකින් යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව මියන්මාර විපක්ෂය සඳහන් කරනවා.
ජාතික එකමුතු රජය පවසා ඇත්තේ තමන් ගුවන්තොටුපළ, ගුවන් හමුදා කඳවුර සහ හමුදා මූලස්ථානය වෙත පුපුරණ ද්‍රව්‍යවලින් සන්නද්ධ ඩ්‍රෝන යානා 29ක් යොදා ගනිමින් මෙම ප්‍රහාරය දියත් කර බවයි.
ප්‍රහාරයෙන් ජිවිත හානි කිසිවක් සිදු නොවුණු බවට මියන්මාරයේ පාලන බලය අල්ලා ගෙන සිටින ජුන්ටා රජය ප්‍රකාශ කරනවා.
ජාතික එකමුතු රජය නියෝජනය කරන්නේ මීට පෙර 2021 දී කුමන්ත්රණයකින් පෙරලා දැමූ අවුන් සාන් සුකී විසින් නායකත්වය දුන් තේරී පත් වූ සිවිල් රජයයි.

