ඇදුම රෝගය නිසා සිදු වන තවත් හානියක් ගැන අනාවරණයක්

විවිධ හේතු නිසා ඇති වන ඇදුම රෝගයේ නවතම අතුරු ඵලයක් සොයා ගැනීමට එක්සත් රාජධානියේ The Kings College හි විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

මීයන් සහ මිනිස් පෙනහළු පටක සාම්පල භාවිතා කරමින් ඔවුන් මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ ඇදුම තත්ත්වයක් ඇති වූ විටක දී ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇති සෛලවල ඇති වන තෙරපීම නිසා ඒවා විනාශ වීමට ලක් වන බවයි.

ඇදුම රෝගයෙන් පෙළෙන අයගේ ශ්වසන මාර්ගය පරාග, සුරතල් සතුන්ගේ ලොම් සහ ව්‍යායාම කිරීම් වැනි ප්‍රේරක වලට සංවේදී වන අතර ඒවා නිසා කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවට ආදිය ඇති වනවා.

ඒ අතරම ශ්වසන මාර්ගය වටා ඇති සිනිඳු මාංශ පේශි මිරිකීමට සහ තද වීමට පටන් ගනු ලබනවා.

දැනට පවතින ඖෂධ හෝ inhalers හරහා මෙම ආසත්මිකතාවයන් ඇති වීම අවම කරමින් ස්වසන මාර්ග විවෘතව තබා ගැනීමට උපකාරී වනවා.

කෙසේවෙතත් විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ නිරන්තරයෙන් ඇතිවන ඇදුම තත්ත්වයන් හේතුවෙන් එහි සෛල විනාශ වී ශ්වසන මාර්ගය ස්ථිර ලෙස පටු විය හැකි බවයි.

gadolinium නම් මුලද්‍රව්‍යක් යොදා ගනිමින් ශ්වසන මාර්ගයෙය් සෛල වලට සිදු වන මෙම හානිය වලක්වා ගත හැකි බවට ඔවුන් මෙම පරීක්ෂණයේ දී අනාවරණය කර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් එය මිනිසුන්ට ආරක්‍ෂිත සහ ඵලදායි ද යන්න බැලීම සඳහා තවත් පරියේෂණ ගණනාවක් අවශ්‍ය වන බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

එක්සත් රාජධානියේ, මිලියන පහකට වැඩි පිරිසක් ඇදුම රෝගයෙන් පෙලෙන බවට වාර්තා වෙනවා.