12P/Pons-Brooks වල්ගාතරුව මේ මාසයේදී ශ්‍රී ලංකාවාසීන්ට දැකගැනීමට අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ ආචාර්ය ජනක අඩස්සූරිය මහතා පවසනවා.
ඒ අනුව අප්‍රේල් මස 08 වන දා සිට මෙය සූර්යයා බැස ගිය පසු බටහිර අහසේ ක්ෂිතිජයට ආසන්නව නිරීක්ෂණය කළ හැකි වනවා.
එය බොහෝ දුරට පියවි ඇසට දැකගත හැකි වේයැයි බලාපොරොත්තු වන අතර, ප්‍රිස්ම දෙනෙතියකින් අනිවාර්යයෙන් දැකගත හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.
එසේම මෙහි උපරිම ප්‍රභාව අප්‍රේල් 21 දින මෙරට ජනතාවට දැකගත හැකි වනවා.
එදිනට මේ වල්ගා තරුව පෘථිවියට කි.මී. මිලියන 240ක් පමණ දුරකින් ගමන් කරනු ඇත.
12P/Pons-Brooks වල්ගා තරුව මෙමස තෙවැනි සතිය පමණ දක්වා ශ්‍රී ලංකා වාසීන්ට නිරීක්ෂණය කළ හැකි වනවා.

