විශ්වවිද්‍යාල සඳහා අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, බොහෝ ආචාර්යවරුන් මෙරට හැර විදේශ රටවලට ගොස් තිබීම හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල පුරප්පාඩු බොහොමයක් පවතින බවයි.
එම කරුණු සලකා බලා අලුතින් අචාර්යවරුන් බඳවා ගැනීමට අවස්ථාව ලබාදුන් බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

