අද (02) බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, අදාළ පනත් කෙටුම්පතේ බැංකු ක්‍රමය ආරක්ෂා වන වැදගත් නීති රැසක් අන්තර්ගත බවය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ වන නියෝග, එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියමනයන් සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ වන රෙගුලාසි ද අද විවාදයට ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ

