හිරු නැගීම – 06 : 08
හිරු මුදුන්වීම – 12 : 13
හිරු බැසීම – 18 : 18
අද මාර්තු මාසේ අන්තිම සෙනසුරාදා.
ඊයේට යෙදුන මහසිකුරාදා දවසයි හෙටට යෙදෙන පාස්කු ඉරිදා දවසයි එක්කලා ක්රිස්තියානි සහ කතෝලික යාළුවනම් එයාලගේ ආගමික වැඩ එක්ක කාර්යබහුල වෙලා ඇති.
අද දවසේ තියෙන විශේෂත්වය තමයි අදWorld Bipolar Day එක. Bipolar කියන්නේ එක මොහොතක අධිකව සතුට දැනීම සහ ඊළඟ මොහොතේ අධිකව දුක දැනීම ලක්ෂණ වෙන මානසික රෝගී තත්ත්වයක්. මෙයාලගේ හෝර්මෝන වල ඇති වෙලා තියෙන අසමතුලිතතාවයක් නිසා තමයි මෙහෙම එකිනෙකට විරුද්ධ වේදනා ඉතා ඉක්මනින් ඇතිවෙන්නේ.
මේකේ වර්ග 3ක් මේ වෙන කොට වෙන් කරලා හඳුනා ගෙන තියෙනවා. ඒ තමයි Bipolar I, Bipolar II, සහ Cyclothymic Disorder කියන ඒවා.
මේවගේ එකිනෙකට වෙනස් රෝග ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්.
මානසික රෝගයක් කියන්නේ හොඳ කරන්න බැරි දෙයක් නෙමෙයි. නිවැරදි ප්රතිකාර සහ උපදේශන ඔස්සේ අනිවාර්යයෙන්ම කලින් හිටියා වගේම හොඳට ගේන්න පුළුවන් අවස්ථාව තියෙනවා. වැදගත් වෙන්නේ ඒවා සඳහා බය වෙන්නේ නැතුව ප්රතිකාර වලට යොමු වීමයි.
ඒ වගේම මාර්තු 30 වෙනිදා පැන්සල් දවසත් වෙනවා ඔන්න… පැන්සල කියන්නේ අපි අකුරු කියෙව්ව දවස ඉදන් අපි අකුරු ලියන්න ඉගෙන ගත්ත එක නේ. දැන් නම් වෙළඳපොලේ විවිධ ආකාරයේ පැන්සල් වලින් මිලට ගන්න පුළුවන්. සමහර පැන්සල් අපිට ලියලා ඉවර වුණහම පැල කරන්න පුළුවන් විදියට ගස් වල බීජ එක්කම හදලා තියෙනවා. හරිම ලස්සන අදහසක් ඒක..

එහෙනම් අද දවසත් සතුටින් ගත කරන්න… මේ සති අන්තයේ ඔයා නිවාඩු නම් අනිවාර්යයෙන් ගෙදර අයත් එක්ක ඉන්න ලොකු වෙලාවක් හදා ගන්න. නිවාඩු නැත්නම් පොඩි වෙලාවක් හරි හදා ගෙන ගෙදර අය එක්ක ඉන්න.
කෙනෙක්ගේ ජීවිතයට පවුල කියන හැගීම අනිවාර්යයෙන් දැනෙන්න ඕනි දෙයක්.
ජය වේවා! තෙරුවන් සරණයි!

