හෙටත් ප්‍රදේශ කිහිපයකට දැඩි උණුසුමක්

දිවයිනේ පළාත් කිහිපයකටම හෙට දිනයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරුමැද, උතුර, සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල මෙලෙස මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණයක් පවතින බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.