පසුගිය මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 476 ක් ලෙස සටහන් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
එම අගය ජනවාරි මාසයේ දැක්වුණේ ඩොලර් මිලියන 488 ක් ලෙසයි.
මේ අතර පෙබරවාරි වනවිට රටේ දළ නිල සංචිත ඩොලර් බිලියන 4.5 ක් ලෙස සටහන් වූ අතර, ඊට චීන ණය පහසුකමද ඇතුළත් වන බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

