අති දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණයක් යෙදෙන ලබන අප්‍රේල් මස 08 වෙනි දා ශබ්ද රොකට් (sounding rockets) තුනක් දියත් කිරීමට නාසා ආයතනය සූදානම් වන බව වාර්තා වෙනවා.
මෙම sounding rockets යනු දත්ත එක්රැස් කිරීමේ අරමුණ සඳහා පෘථිවියේ ඉහළ වායුගෝලය වෙත යවන උප කක්ෂීය රොකට් වර්ගයක් වනවා.
පෘථිවියේ ඉහළ වායුගෝලයට සූර්යග්‍රහණයෙන් ඇති වන බලපෑම් මොනවාදැයි සොයා බැලීම සඳහා මෙවර මේ රොකට් දියත් කරන බවයි NASA සඳහන් කරන්නේ.
මෙම ව්‍යාපෘතිය Embry-Riddle Aeronautical University හි Aroh Barjatya විසින් මෙහෙයවනු ලබනවා.
ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ඇති NASA හි Wallops Flight Facility සිට මෙම රොකට් දියත් කරන බවයි සඳහන් වෙන්නේ.
මෙම රොකට් තුන සූර්යග්‍රහණයට විනාඩි 45කට පෙර, සූර්යග්‍රහණය අවස්ථාවේ දී සහ සූර්යග්‍රහණයට විනාඩි 45කට පසුව දියත් වනු ඇත.
ඒවා සැතපුම් 260 ක උපරිම උන්නතාංශයකට ඉහළ යනු ඇති බවයි NASA පෙන්වා දෙන්නේ.

