හිරු නැගීම – 06 : 09
හිරු මුදුන් වීම – 12 : 14
හිරු බැසීම – 18 : 19
අද මේ මාසේ අන්තිම වැඩ කරන දවස.. මොකද හෙට ඉඳන් දීර්ඝ සති අන්ත නිවාඩුවක් ලැබෙනවා නේ. ඒ නිසා අද නම් සතුටින් වැඩට යන්න හෝ ඉස්කෝලේ යන්න පුළුවන්.
අද දවසේ තියෙන විශේෂත්වය ගත්තොත් අද තමයි කිතුනු බැතිමතුන්ගේ Holy Thursday හෙවත් ශුද්ධ වූ බ්‍රහස්පතින්දා දවස. අද වගේ දවසක තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එයාගේ ශිෂ්‍යයෝ එක්ක අවසාන භෝජන සංග්‍රහය අර ගෙන තියෙන්නේ.
මේ සිදු වීම මුල් කර ගෙන තමයි පසුකාලිනයේ Leonardo da Vinci විසින් අවසන් භෝජන සංග්‍රහය සිතුවමත් නිර්මාණය කරලා තියෙන්නේ.

ඒ වගේම අද ලෝක Piano දවස. Piano කියන්නේ බටහිර සංගීතයේ තියෙන නැතුවම බැරි විශේෂ සංගීත භාණ්ඩයක් නේ. 1500 ගණන් වල තිබුණු harpsichord කියන සංගීත භාණ්ඩය වැඩි දියුණු වෙලා තමයි කියනවා මේ පියානෝ එක නිර්මාණය වෙලා තියෙන්නේ.

පියානොවේ නිර්මාතෘ විදිහට සලකන්නේ Bartolomeo Cristofori කියන ඉතාලි harpsichord නිර්මාණ ශිල්පියා.
එයා එදා නිර්මාණය කළ ඒ පියානෝව වසර ගණනාවක් තිස්සේ වැඩිදියුණු වෙලා තමයි අද තියෙන පියානෝව සැකසිලා තියෙන්නේ.
මාර්තු 28 වෙනිදා Black Forest Cake Day එක විදිහටත් සලකනවා.
ඉතින් එහෙනම් අද දවස ලස්සනට සතුටින් ගත කරන්න, හිනා වෙලා ගත කරන්න.
ජය වේවා! තෙරුවන් සරණයි!

