සියලුම X premium පරිශීලකයන්ට Grok පහසුකම

මේ සතිය අග සිට සියලුම X premium පරිශීලකයන් සඳහා XAI සමාගමේ AI Chatbot එක වන Grok සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙන බව එහි හිමිකරු Elon Musk සඳහන් කරනවා.

දැනට Grok Chatbot සඳහා ප්‍රවේශ විය හැකි වන්නේ X Premium+ ගිණුම් සඳහා පමණක් වනවා.

විචාරකයන් පෙන්වා දෙන්නේ මෙලෙස Grok වෙත ප්‍රවේශය ලබා දීම පුළුල් කිරීම හරහා X හි පරිශීලකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීම Elon Musk ගේ අරමුණ වී ඇති බවයි.