මාර්තු උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙම මාසයේ උද්ධමනය සියයට 0.9 දක්වා අඩු වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එය ඉකුත් මාසයේ දැක්වුණේ සියයට 5.9ක් ලෙසයි.

කෙසේ වෙතත් පසුගිය මාසයේ සියයට 3.5ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය මෙම මාසයේ සියයට 3.8 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට සෘණ 0.5 දක්වා පහත වැටී ඇති අතර පෙබරවාරි මාසයේ එය සියයට 7 ක් ලෙස දැක්වුණා.