ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
එසේම ඉදිරියේදී මුලින් එන්නේ මහ මැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද කියලා ඔවුන් ට තීරණය කළ නොහැකි බවත් එය තීරණය කළ යුත්තේ රජය හෝ මැතිවරණ කොමිසම බවත් ඔහු සඳහන් කර සිටිනවා.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි.

