අද ඩොලරයේ වටිනාකම

ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල තවදුරටත් රුපියල් 300 සීමාවට අඩුවෙන් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන පෙන්වා දෙනවා.

ඒ අනුව අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63 ක් හා විකුණුම් මිල රු. 307.33 ක් ලෙසින් සටහන් වී ඇත.

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය රු. 302.75 ක් ලෙසින් වාර්තා වේ.

මහ බැංකුවට අනුව 2023 ජූනි 14 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති පහළම රුපියල් අගය ද මෙය බවයි සඳහන් වෙන්නේ.