හෙට සලොස්වක සඳට ග්‍රහණයක්

හෙට සලොස්වක සඳ ග්‍රහණයට ලක් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මෙම චන්රග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.23 ට ආරම්භ වී පස්වරු 3.02 ට අවසන් වන අතර ඒ හේතුවෙන් එය ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට නොහැකි වනවා.

මෙම වසරේ චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදුවුවත් ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

හෙට දර්ශනය වීමට නියමිත චන්ද්‍රග්‍රහණය යුරෝපයේ බොහෝ ප්‍රදේශ, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ, අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව ඇතුළු ලෝකයේ විශාල කොටසකට එය දෘශ්‍යමාන වනු ඇත.