පසුගියදා රුසියාවේ රඟහලකට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් රුසියාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 133 දෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව අද දිනයේ රුසියානු කොඩිය අඩකුඹු කර ඇති අතර, එරට රුපවාහිනි මාධ්‍ය වල ද සුපුරුදු වැඩසටහන් අවලංගු කර තිබෙනවා.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇත්තේ මෙම ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් හතර දෙනාම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන් ISIS ත්රස්තවාදීන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
වසර 20 කට ආසන්න කාලයක් තිස්සේ රුසියාවේ සිදු වුණු බිහිසුනුම ප්‍රහාරය මෙය බවයි සඳහන් වෙන්නේ.

