මෛත්‍රීගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙලෙස නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පසුගියා දා ප්‍රකාශ කර තිබුණි.

ඒ ප්‍රකාශයත් සමඟ විවිධ චෝදනා එල්ල වූ අතර මේ ඒ චෝදනා වලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා දැක්වූ අදහස්,

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට සති තුනකට පෙර මට ලැබුණු තොරතුරක් අනුව තමයි මම ඊයේ ඒ ප්‍රකාශය සිදුකළේ. අධිකරණයකින් මට නියෝගයක් ලැබුණොත් ඇවිල්ලා පෙනී සිටින්න කියලා. මම රහසිගත සාක්ෂියක් දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. රහසිගතව ප්‍රකාශයක් දෙන්න වෙන හේතුවක් නිසා නෙමෙයි. විවෘත සාක්ෂියක්  දුන්නොත් අධිකරණයේ… මම දන්නවා පැහැදිලිවම මගේ ජීවිතය සහ මගේ දරු පවුල් පවා විනාශ කරන්න පුළුවන්. එක නිසා මේක කිසිදුම දේශපාලන මතවාදී හෝ දේශපාලන වශයෙන් යම් යම් ප්‍රශ්න තියෙන ඒවාට ගැවුණ කාරණයක් නෙමෙයි. මම ඉතාම අවංකව සිදුකරන ප්‍රකාශයක්. “