පින්බර මැදින් පුන් පොහෝ දිනය අදයි

ලෝකවාසී බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සමරනු ලබන මැදින් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

අද ශාසන ඉතිහාසයේ මෙන්ම බෞද්ධ ඉතිහාසයේ ද සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දවසක් ලෙස හැඳින්විය හැක

බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන රජු සහ සිය ශාක්‍ය වංශික ඥාතීන් බැහැ දැකීම සඳහා විසිදහසක් සංඝයා පිරිවරා ගෙන කිඹුල්වත් පුරය බලා වැඩම කරන්නේ අද වන වූ මැදින් පොහෝ දිනයක වනවා.

එහි දී ශාක්‍යයන්ගේ මානය දුරු කිරීම සඳහා බුදුරජානන් වහන්සේ විසින් යමා මහා පෙළහර පෑම ද සිදු කරනු ලැබූ බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

එසේම දායාද ඉල්ලා බුදු රජාණන් වහන්සේ පිටුපස පැමිණි රාහුල කුමරුන් පැවිදි වූයේ ද මේ මැදින් පොහෝ දිනයකයි.

යසෝදරා දේවියගේ ගුණ පෙන්වා දක්වමින් සඳකිඳුරු ජාතකය දේශනා කිරීම ද සිදු වූයේ අද වන් වූ දවසක වනවා.

දෙමව්පිය වැඩිහිටියන්ගේ අනුමැතියකින් තොරව කුල දරුවන් පැවිදි නොකරන ලෙස සුද්ධෝදන රජතුමා ඉල්ලීමක් කළේ ද, ඒ අනුව එය රීතියක් බට පත් වුයේ ද අද වන වූ දිනයක සිටයි.

අද දිනයේ බෞද්ධ ජනතාව දාන සීල භාවනා ආදියේ නියැලෙමින් ආගමානුකුල ජිවිතයක් ගත කරනු ලබනවා.