සුදු සීනි කිලෝවක තොග මිල ඉහළට

පිටකොටුව  තොග වෙළඳපොලේ සුදු සීනි කිලෝවක තොග මිල හිතුමතේ වැඩිකර ඇතැයි වාර්තා වෙනවා.

මීට දින දෙකකට පමණ පෙර රුපියල් 255ක මිලකට අලෙවි වූ සුදු සීනි කිලෝවක තොග මිල මේ වනවිට දැක්වෙන්නේ රුපියල් 275ත් – 280ත් අතර අගයක වනවා.

මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ එවැනි මිල වැඩිකිරීමක් සිදුව නොමැති බවයි.

තවත් දින කිහිපයකින් සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදාවන අතර, ඊට අවශ්‍ය කැවිලි පෙවිලි සකස් කිරීමට සීනිද අත්‍යවශ්‍ය අංගයක් වනවා.

මෙම තත්ත්වය මත සිල්ලර වෙළඳපොලේ සීනි කිලෝවක මිලද ඉහළ යනු ඇති අතර, එය ආපනශාලා ඇතුලු අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිලටද බලපෑම් එල්ල කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

ක්‍රියාමාර්ගයේ බලපෑම හේතුවෙන් මෙලෙස සීනි මිල ඉහළ ගොස් ඇති බවයි.