ලොව අපහසුම මැරතන් තරඟයක් ජය ගනිමින් බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩිකාවකගෙන් වාර්තාවක්

ලොව දුෂ්කරම මැරතන් තරගයක් ලෙස සැලකෙන බාර්ක්ලි මැරතන් තරගය නිමා කළ පළමු කාන්තාව බවට පත් වීමට බ්‍රිතාන්‍ය ජාතික ජැස්මින් පැරිස් සමත් වී තිබෙනවා.

ඇය 40 හැවිරිදි වියේ පසුවන පශු වෛද්‍යවරියක වනවා.

පැය 60ක් වන තරඟ කාලයෙන් විනාඩියයි තත්පර 39ක් පමණක් ඉතිරි කරමින් තරඟය නිම කරමිනුයි ඇය මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ.

මෙම තරගයේ දී තරඟකරුවන් අඩි 60,000ක් පමණ උසක් නඟිමින් සහ බසින් සැතපුම් 100ක් පමණ දුරක් දිවීම සිදු කරනු ලබනවා.

1989 දී මෙම තරඟයේ දුර ප්‍රමාණය සැතපුම් 100 දක්වා වැඩි කර ඇති අතර එතැන් පටන් මේ දක්වා නියමිත පැය 60 තුළ ධාවන තරඟය අවසන් කිරීමට සමත් වී ඇත්තේ පුද්ගලයන් 20 දෙනෙකු පමණක් බවයි වාර්තා වෙන්නේ.