GOT කතා මාලාවේ එන අලුත්ම කතාව වන House of the Dragon season 2 සඳහා පූර්ව ප්රචාරක පට (trailer) දෙකක් HBO විසින් නිකුත් කර ඇතැයි වාර්තා වෙනවා.
මෙලෙස එකම කතා මාලාවකට එකිනෙකට වෙනස් trailer දෙකක් HBO විසින් එලි දැක්වූ පළමු අවස්තාව ලෙසයි මෙය හඳුන්වා දෙන්නේ.
මෙම trailer දෙක Team Black සහ Team Green ලෙස බෙදා, Dragon Land හි දිග හැරුණු සිදුවීම්වල අනුවාද දෙකක් අන්තර්ගත කරමින් නිෂ්පාදනය කර තිබෙනවා.
Rhaenyra ගේ Team Black පූර්ව ප්රචාරක පටය
පළමු පූර්ව ප්රචාරක පටයේ යකඩ සිංහාසනයේ නියම උරුමක්කාරයා යැයි පවසන Rhaenyra විසින් මෙහෙයවන ලද බ්ලැක් කණ්ඩායමේ විස්තර ඇතුලත් වනවා. ඇය ඩේමන් කුමරු සහ ඩ්රැගන්ස්ටෝන්හි ඔවුන්ගේ හමුදා සමඟ එක්ව රාජධානිය වෙනුවෙන් ග්රීන් කණ්ඩායමට එරෙහිව සටනක් දියත් කරනු ලබනවා.
Alicent ගේ Team Green පූර්ව ප්රචාරක පටය
Alicent, හෙවත් Rhaenyra ගේ පියා Otto සහ ඇයගේ දරුවන් King Aegon සහ Aemond කුමරු විසින් මෙහෙයවන ලද King’s Landing කණ්ඩායම විසින් නායකත්වය දෙන Green කණ්ඩායමේ කතාව මෙහි ඇතුලත් කර තිබෙනවා.

