ගතවූ දින පහ තුළ වී අලෙවි මණ්ඩලය විසින් වී කිලෝග්‍රෑම් 904,202ක් මිලදී ගෙන තිබෙනවා.
ඒ සඳහා රුපියල් මිලියන 95ක් වැය කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ.
වී අලෙවි මණ්ඩලය විසින් දිවයිනේ වී වගා කරන ප්‍රදේශ, කලාප හතකට බෙදා අදාළ කලාපයේ වී මිල දී ගැනීම සඳහා මේ වනවිට ගබඩා 36ක් විවෘත කර ඇති තිබෙනවා.
වී මිලදී ගැනීමේ කටයුතු සඳහා වී අලෙවි මණ්ඩලයට, මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 500ක් ද, ගොවි භාරකාර අරමුදලෙන් රුපියල් මිලියන 500ක් ද වශයෙන් මේ වනවිට රුපියල් මිලියන 1000ක මුදලක් ලැබී තිබෙනවා.
වී මිලදී ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් කලාප 07 තුළ පිහිටි තවත් වී ගබඩා 241 ක් විවෘත කිරීම සඳහා සූදානම් කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

